Friday, September 27, 2013

Collaborative learning in Internet

දෙදෙනෙකු හෝ කීප දෙනෙකු එකට එකතු වී අන්තර් ජාලය භාවිතා කර ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලියට ඉත ඵලදායි ලෙස සම්බන්ධ විය හැක. එය Collaborative learning in Internet ලෙස හැදින්වේ. මෙසේ අන්තර්ාලය හරහා සන්නිවේදනය හා තොරතුරු හුවමාරු කර ගැනීම විවිධ ආකාරයට කළ හැක. ඒවා නම්,
  1. අකුරු
  2. රූප
  3. චලන රූප
  4. දත්ත
  5. ශබ්ද
  6. වීඩියෝ පට
එනිසා අන්තර්ජාලය හරහා මෙසේ තොරතුරු හුවමාරු කර ගනිමින් ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලිය භාවිතා කිරීම නිසා විශ්වය ගෝලියකරණයවීමත් එමගින් විශ්ව ගම්මාන යන සංකල්පය බිහිවීමත් සිදුවේ.
ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලියේදී අන්තර්ජාලය ඔස්සේ අදහස් හුවමාරු කර ගැනීම සඳහා විවිධ ක‍්‍රම භාවිතා කළ හැක. උදා:
  1. email
  2. blogs
  3. foram
  4. skype

email - විද්්‍යුත් තැපෑල

අන්තර්ජාලය මඟින් පුද්ගලයන් දෙදෙනෙක් අතර දුර පුදුමාකාර ලෙස සමීප කර ඇත. විද්්‍යුත් තැපෑල (Electronic mail- email) ක‍්‍රමය මඟින් වැඩි ආයාසයකින් හෝ වෙහෙසකින් තොරව අඩු වියදමකින් එසේම ඉතා ඉක්මනින් තමාගේ තොරතුරු තම හිතවතාට ඔහු සිටින ස්ථානය පිළිබඳව කිසිම අපහසුතාවයක් නොමැතිව හුවමාරු කර ගැනීමේ හැකියාව ලැබේ. තොරතුරු ලබන්නා ගුවන් යානයක් ගමන් කරනවාද වුවද විය හැක. එසේ වුවද පණිවිඩය පරිගණකය ක‍්‍රියාත්මක කර තම පණිවිඩය නැතහොත් තොරතුරු ලබාගත හැකිය. එසේ නැතහොත් තොරතුරු ලබන්නා වෙනත් ක‍්‍රියාදාමයක නියැලී සිටින අවස්ථාවක් විය හැක. එසේ වුවද විද්‍යුත් තැපෑල මගින් තම තොරතුරු අදාළ පුද්ගලයාට දිය හැක.
විද්‍යුත් තැපෑල සංක්ලපය මගින් නිශ්චිත තැපැල් ලිපිනයක් ලැබෙනු ඇත. එනම් හැදුනුම් නාමයක් සහ ආරක්ෂක අංකයක් ඇත. විශ්වයේ කොතැනක සිටියත් තැපැල් ලිපිනය වෙනස් නොවනු ඇත. එනිසා තමන්ගේ තොරතුරු ආරක්ෂාවීම සිදුවිය. එසේම විද්‍යුත් තැපෑල බහුමාධ්‍යය තාක්ෂණය උපයෝගි කරගෙන තොරතුරු හුවමාරුවේ නියැලී සිටින ප‍්‍රබල නියමුවා ලෙස හැදින්විය හැක. එසේම එකම තොරතුරු එක් අයෙකුට වඩා එකවර වැඩි පිරිසකට යැවීමට විද්‍යුත් තැපෑල මගින් හැක. අතීතයේ විද්‍යුත් තැපෑල වචන හුවමාරුව සඳහා සකසා තිබුනද වර්තමානය වන විට එය විවිධ කාර්යයන් කිරීම දක්වා වර්ධනය වී ඇත. එනම්,
  1. x ලිපිගොනු
  2. x රූප රාමු
  3. x ශබ්ද
  4. x වීඩියෝ පට
  5. යොමු කළ හැක.

blogs

blogs එකක් යනු වර්ල්ඞ් වයිට් වෙබ් යටතේ ප‍්‍රසිද්ධ කරන ලද සාකච්ඡුා හෝ තොරතුරු හුවමාරු කර ගැනීමට යොදාගන්නා වෙබ් අඩවියකි. මෙහි POST නම් ගොනු ආකාරයට තොරතුරු හුවමාරු කරගත හැක. ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලියේදී blogs භාවිතා කර තොරතුරු ඉතා කාර්යක්ෂමව හා ඵලදායිව භාවිතා කළ හැක. විද්්‍යුත් තැපෑලට වඩා දියුණු ක‍්‍රමයක් වූ ඉකදටි මගින් තනිව හෝ කණ්ඩායම් වශයෙන් ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලියේදී තම අදහස් හුවමාරු කර ගනිමින් ඉගෙන ගත හැක. වර්තමානයේ ඇතිaunty-Author blogs blogs මගින් විශාල පිරිසකට එකවර ඉගෙන ගැනීමට හැක.
එකක තොරතුරු ඇතුලත් කිරීමට ්‍HTML භාවිතා කරමින් කළ හැකි අතර පින්තූර, වීඩියෝ, වගු වැනි දෑද සාර්ථකව ඇතුලත් කල හැක. එසේම වචන, පින්තූර, මගින් අනිකුත් පුද්ගලයන් හෝ blogs සඳහා යා හැක. මෙහිදි එක් එක් පුද්ගලයාට අන්තර් ජාලයේ ලිපිනයක් මගින්blogs නිපදවා ගත හැකි අතර එක් පුද්ගලයෙකුට අනිකුත් අයගේ blogs අඩවි කරු ගොස් තම අදහස් ලබාදීමට හෝ ලබාගැනීමට හැක. තම අදහස් ලබාදීමට command යටතේ සිදු කළ හැක. එපමණක් නොව blogs මගින් වීඩියෝ, සංගීත ශබ්ද වුවද ලබාදිය හැක. වර්තමානයේ විවිධ ආකාරයෙන් blogs නිපදවා ගත හැකි අතර එක් එක් කාර්යය සඳහා එය ප‍්‍රසිද්ධ කළ හැක.

Collaborative learning in Internet වල වාසි

  1. තොරතුරු හා අදහස් හුවමාරු කර ගැනීම ඉතා ඉක්මනින් කළ හැකිවීම
  2. ස්වයං ඉගෙනුමට අවස්ථාව ලැබීම
  3. අන් අයගේ තොරතුරු භාවිතා කර තම තොරතුරු නිවැරදි කර ගත හැකිවීම
  4. විශාල තොරතුරු ප‍්‍රමාණයක් හුවමාරු කරගත හැකිවීම
  5. ඉතා අඩු කාලයකින් හා වියදමකින් තොරතුරු හුවමාරු කරගත හැකිවීම
  6. ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලියේදි ගුරු කාර්යය ඉතා පහසුවෙන් කළ හැකිවීම
  7. තොරතුරු ගබඩා වී ඇති නිසා නැවත නැවත ඉගෙනුම් ක‍්‍රියාවලියට යොදාගත හැකිවීම
  8. තමාගේ තොරතුරු ඉතා ආරක්ෂාකාරි ලෙස නව කෙනෙකුට දිය හැකිවීම

Collaborative learning in Internet වල අවාසි

  1. අන්තර්ජාලය හා පරිගණක පහසුකම් තිබිය යුතුවීම
  2. අන්තර්ජාලය භාවිතා කිරීමට දැනුමක්ද තිබිය යුතුවීම
  3. තම තොරතුරු වෙනත් අය විසින් අනිසි ලෙස යෙදා ගැනීමට හැකිවීම


පන්ති කාමරයට යොදාගත හැකි ුයුරු

  1. කණ්ඩායම් හෝ කේවල ඉගෙනුම සඳහා භාවිතා කළ හැකිවීම
  2. තොරතුරු එකිනෙකා අතරේ හුවමාරු කර ගැනීමට හැකිවීම
  3. අන් අයගේ තොරතුරු මගින් ස්වයං ඉගෙනුමක් සිදුකර ගැනීමට හැකිවීම
  4. ව්‍යාපෘති, පැවැරුම්, සමාරූපනය, අභාගය කිරිම යනාදි ඕනෑම ඉගෙනුම් ක‍්‍රමයකට යොදාගත හැකිවීම
  5. විවිධ බුද්ධි මට්ටම්වල සිටින සිසුන්ට විවිධ ආකාරයට ඉගෙනුම් ද්‍රව්‍යය යොදාගත හැකිවීම
  6. සිසු අභිරුචිය වර්ධනය වන ආකාරයට ඉගෙනුම් ක‍්‍රම අනුගමනය කල හැකිවීම
  7. මාස්ලෝගේ අවශ්‍යතා න්‍යායට අනූව ශ‍්‍රව්‍යය දෘෂ්‍ය ක‍්‍රම භාවිතය නිසා ධාරණ ශක්තිය වැඩිකරගත හැකිවීම
  8. ගුරු සිසු දෙපිරිසටම ස්වයං ඇගයුමක් කරගත හැකිවීම
  9. වීඩියෝ දර්ශන මගින් ඉගෙනුම් ක‍්‍රියවලියට සජීවීකරණය කරගත හැකිවීම